Monday, February 8, 2010

ජංගිය පෙන්නන්න එපා

මාතෘකාව දැක්කම මොකද හිතෙන්නෙ? මොන කුනුහරුපයක්ද මේ කියල හිතෙනවා ඇති. ඒත් මම මේ කියන්න යන්නේ වර්ථමානයේ අපි හැමෝටම දකින්න ලැබෙන සුලබ නමුත් අප්‍රසන්න දසුනක් ගැනයි.

අද කාලයේ විලාසිතාවක්ව පවතින කලිසම බස්සා ඇඳීම නිසා විවිධාකාර නම් පටබැඳීම,කල්ලි නිර්මාණය වීම් ඔබ බොහෝවිට දැක ඇති.මෙහි අනෙක් තතු කෙසේ වෙතත් තියෙන හැම කලිසමක්ම බස්සා ඇඳීමට ගොස් සමහරු දැනුවත්ව හෝ නොදැනුවත්වම කරන්නේ තමන්ගේ යට කලිසම අනිත් සියල්ලන්ටම ප්‍රදර්ශනය කිරීමයි.මෙම ලිපිය ලිවීමට කලින් මා දුටු ආසන්නතම සිදුවීම පොඩ්ඩක් විස්තර කරන්න කැමතියි.මොකද සමහර විට ඒ ඔබ වෙන්නත් බැරි නෑ.....
දවසක් මම බස් එකේ යනකොට ඔය කියන විලාසිතාවට කලිසම ඇඳපු පිරිමි ලමයෙක් ඉස්සරහින් බහින්න ආවා.ඉතින් සෑහෙන්න තරමට උස නිසා එයා බහින තැන එනවද කියලා බලාගන්න ටිකක් ( ටිකක්ම නෙවේ සෑහෙන්න කියන්න පුලුවන් ) නැවිලා පාර දිහා බලගෙන ඉන්නවා.ඉතින් ඒ ඉස්සරහම සීට් එකේ හිටියෙ වයසක අච්චි අම්මා කෙනෙක්.ඔන්න ඉතින් අපේ අර උස අය්යගෙ යට කලිසම මුලු බසයටම ප්‍රදර්ශනය වෙනවා.අය්යගෙ වෙලාවට වැඩිය සෙනග හිට්යෙ නෑ.සීට් ගානටම වගේ හිටිය නිසා බස් එකේ පිටිපස්සටත් පෙනුනා.ඉස්සරහ හිටිය ටියුසොන් ගෑනු ලමයි ටිකට නම් හොඳටම හිනා.මාත් හිනාවෙනවද අඬනවද හිතාගන්න බරුව හිත හිතා හිටියෙ.ඉතින් අර ආච්චි අම්මට බලාගන්න අතක් නැතිව උඩ බිම බලලා පිටිපස්සට හැරිලා බිම බලාගෙන හිටියා.
ඔය අපේ පිරිමි පාර්සවේ ගැන කිව්වෙ.

අනෙත් කස්ටිය ගැනත් ඉතින් එසේමයි.ඒක මීට වඩා වැඩියි.මොකද අරපරෙස්සම හින්දා වැඩිය දිගට ඇඳුම් නොඅඳින අය කරන්නේ එම නිශ්පාදන ආයතන වලට(යට ඇඳුම්) ස්වෙච්චාවෙන්ම කරන ප්‍රචාරණයක්. ඒ වගේම තමයි මෝටර් බයිසිකල් වල බෝයි ප්‍රෙන්ඩ් මහත්තයාව බදාගෙන යන අක්කලාත් (ඇන්ටිලා) බස් වල රියදුරු මහත්වරුන්ගේ මොලය අවුල් කිරීම සම්බන්දයෙන් බොහොම ලොකු සේවාවක් කරනවා.ඒ වගේමයි ඇඳුම් වල සිප්, බොත්තම් එහෙම තියෙනවානම් ගෙදරින් එලියට බහින්න කලින් ඒවා නියමිත් විදිහට තද වෙලාද කියලත් බලන්න.


මම හිතන්නේ මේක ගැන හැමෝම ටිකක් දැනුවත් වෙලා අපේ අඳුමේ පිලිවෙල ගැන තව ටිකක් සැලකිලිමත් උනොත් තමන් අනිත් අයට විහිලුවක් වීම සහ අනවශ්‍ය ප්‍රශ්න ඇතිනොවීමට උපකාරී වේවි.

මම මේ කතාව මෙහෙම කියන්න හිතුවෙ ගොඩක් මේ වගේ නොසැලකිලිමත් කම නිසා කටයුතු කරන අහිංසක ගැහැණු උදවිය තුට්ටු දෙකේ කැමරා පෝන් කාරයන්ගේ ගොදුරක් වෙලා අන්තිමට අන්තර්ජාලයේ සමහර වෙබ් අඩවි වල ගණිකාවන් හැටියට හංවඩු ගැහීමේ අවදානමක් මෙතන තියෙන නිසා බවත් බවලත් උදවිය හොඳින්ම වටහා ගත්තොත් හොඳා.....

3 comments:

Anonymous said...

ඒකනං ඇත්ත..
ඔහොම අදින අය, ඒක තේරුම් නොගන්න එකනේ වැඩේ..

බිඟූ said...

මේකනේ සම්පත් සීන් එක.
ඔය පිරිමි ළමයි හරිම දුප්පත්, ඒ හින්දා එක කලිසමයි ජීවිත කාලෙටම තියෙන්නේ.
ඉතින් කන්න නැතුව බඩ බැස්සාම කලිසම නිකම්ම හැලෙනවා.
ඒ හින්දා පිරිමි වැරදි නෑ. පව් අහිංසක කොල්ලෝ... pr....

ඒත් කෙල්ලෝ නම් හිතා මතාමයි ඕක කරන්නේ.
කස්ටිය අවුස්සන්නමයි. hiks

/බිඟුවා...!

sampath ගනේගොඩ said...

@ .::පිස්සා::.
ඒකනෙ යාලුවා වැඩේ කියන්නෙ.තේරුම් නොගන්නවද නැත්නම් දැනගෙනම කරනවද කියන එක තමයි ප්‍රශ්නේ..

@ බිඟුවා...!
අන්න මචෝ තර්කේ.. බලපන් කොල්ලො කොච්චර අහිංසකද..අනිවාර්යෙන්ම කෙල්ලො වැරදි බන්.. රිය අනතුරු බාගෙට බාගයක් වෙන්නෙ ඔය නිසානෙ..

Post a Comment