Saturday, December 26, 2009

පස් වසරකට පෙර .. ඒ රුදුරු මතකය...

අද ඔබ බොහෝ දෙනෙක් ඉතාම සතුටින් ඉන්න දවසක්.හැමෝටම නිවාඩු තියෙනවා පවුලේ සියලුම දෙනා එකතුවෙලා සතුටුසාමිචි කතා කරමින්, සමහරු විනෝද චාරිකා යමින්, නෑදෑ ගෙවල් වල යමින් බොහොම විනෝදයෙන් ඉන්නවා.
මිතුරනි, ඔබට මතකද අදට වසර 5කට කලිනුත් මෙහෙම දවසක් තිබ්බා.එදත් හොදින් හිරු පායපු ලස්සන දවසක් ලෝකයාට උදා උනේ සියලු සිත් සතුටින් පුරවාලමින්.
ඒත් ඒ දවස ඒ විදිහටම නිමා උනේ නෑ...........

ඒ දවස නිමා උනේ
ලක්ෂ ගණනක අපේම නෑදෑ හිත මිතුරන් අපට අහිමි කරමින්...
ලක්ෂ ගණනක සහෘදයන්ගේ දෙනෙත් කඳුලින් පුරවාලමින්.....

අනපේක්ෂිතව ගොඩබිමට කඩා වැදුනු ඒ චන්ඩ සුනාමි රල ගෙඩි දහස් ගණනක් වූ අපේම හිත මිතුරන් මුහුදු පත්ලට ඇදගෙන ගියා..
තවත් බොහෝ ගණනක් වාහන තුලත්, තම තමන්ගේ නිවාස තුලත් ඉතාම ශෝකජනක ආකාරයට මෙලොවින් සමුගෙන හිටියා....

මුහුදු රල පසුපසට ගිය විට ඒ වෙරලෙහි කෙලිදෙලින් විනෝද වූ ඒ අපේම පොඩිත්තන්...
නව වසරක ආරම්භයත් එක්ක නව දිවියක සිහින මාලිගා තැනූ පෙම්වතුන්.....
දරු මුනුපුරන්ගේ සතුට දකිමින් ප්‍රමෝදයෙන් සිටි ඒ වැඩිහියන්......

කවදාවත්ම සිතා නොසිටිනට ඇති ඒ මුහුදු රල නැවතත් අප සොයා එන්නේ අපව මුහුදු පත්ලට රැගෙන යන්නට බව..



ශ්‍රී ලාංකික අපගේ හදවත් උණු වුනා.දහස් ගණනක් වූ අසරණ අනාථ අපේම හිතමිතුරන්ට අධාර එක් රැස් කෙරුනා.මුලු රටම එකම පවුලක් ලෙසට අත්වැල් බැඳගත්තා.
ඒ අපි අපේ මනුස්සකම, අපේකම පෙන්වූ ආකාරයයි......

තවත් පිරිසක් ඒ අතරම හිටියා....
මවුකිරේ රසය නොහඳුනන, මනුෂ්‍ය වර්ගයාට ජාතක නොවුනු ඒ අධම රැල.. ජීවිතය ඉල්ලා අත දිගු කරන ඒ අසරණයන්ගේ මුදුව පැහරගත්තා.. චණ්ඩ රල පහරට ගසාගෙන යන ඔවුන්ගේ මාලය කඩා නැවතත් ඒ බියකරු දිය කඳට තල්ලු කලා...
පෙර වාසනාවකට දිවි ගලවාගත් නමුත් ඇඳිවත හැර අන්සියලුදේ අහිමි වූ ඒ අසරණියන්ගේ රීරිමාංසයමත් උදුරා ගන්නට දත කෑවා.බෝධිසත්වයන් මෙන් පෙනී සිටි ඒ අය්යලා ඒ නංගිලා ගැහැණුන් කර පලාගියා... සමහරුන්ව අඩුම ලංසුවකට වෙන්දේසි පොලවලට යැවුනා...
ඒ තවත් ලාංකිකයන්ම පිරිසක්.....

ඒ තුච්ච අධම මිනිසුන්ට කවදා හෝ දැනේවි ඔවුන් කල පාපය....
සිතින් දහස්වර දුක් විඳීවි ඔවුන්..
ඔබලා සැමදා පරාජිතයන් බව වටහා ගන්න...
ඔබ වෙනුවෙන් මේ ලොවතුල තවත් ඉඩ නොමැත....

මිතුරනේ,
මිනිසත්කමත් නොමිනිස්කමත් එක්ව අත්දුටු ඒ බියකරු මතකයන් තවත් නොවන්නට අපට කල හැක්කේ කුමක්ද?....
පිලිතුර ඔබේ හදවතට නැගේවි....


එදා තම දිවි හිමියෙන් ජීවිත් බේරාගන්නට වෙහෙස වූ ඔබ මේ මෙය දකියි නම් ....
උතුම් මිනිසුනේ ඔබටයි මේ උපහාරය !

ඒ සුනාමි ව්‍යසනයට පස් වසරක් පිරෙන අද දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා වූ කාලය තුල නිශ්ශබ්දතාවයක් පවත්වා ඒ විපතට පත් වූවන් සිහි කරමු...

Friday, December 25, 2009

සුභ නත්තලක් වේවා !!!!..

සුභ නත්තලක් වේවා සියළු කතෝලික සහ ක්‍රිස්තියානි මිතුරන්ට...
ඔබලා අදහන ධර්මයේ ආකාරයට සියළු දෙනාටම යහපතක්ම වේවා.
සැමට යහපත්, වාසනාවන්ත, සාමකාමී නත්තලකට සුභපැතුම්!!.......

Thursday, September 17, 2009

කාගෙන්ද ලියුම ගන්නේ????????????????


මම මාර විහිලු කතා ටිකක් දැක්කා මේ දවස් ටිකේදි.
දැන් ටික දවසක ඉදන් මම රැකියා පුරප්පාඩු ගැන සෙවිල්ලෙන් ඉන්නේ.(ඉක්මනටම ජොබ් එකක් වගේ එකක් හොයා ගන්න වෙනවනේ) මාකටින් එකවුන්ටින් වගේ ඒවට නම් ඕනේ තරම් කස්ටිය ඉල්ලලා තියෙනවා පලපුරුද්ද නැති අය.පුහුණු වෙන්න.
කරුමේ කියන්නේ IT Field එකේ වැරදිලාවත් දැක්කේ නෑ පලපුරුද්දක් නැති කෙනෙක්ට ඇබෑර්තුවක් තියෙනවා.අඩුම ගානේ අවුරුද්දකවත් පලපුරුද්දක් ඉල්ලනව හැම තැනම.අපරාදෙ ඉගෙන ගත්තේ.මුන් පලපුරුද්ද ඇරෙන්න සහතිකයක් ඉල්ලලා නෑනෙ?????????
එතකොට හැම එකාම පලපුරුදු අයව ගන්නකොට පලපුරුද්දක් නැති මිනිස්සු පලපුරුද්ද ගන්නේ ගෙදර ඉඳගෙනද?
මම බැලුවේ ගෙදර කොම්පුටර් 2ක් තියෙන එකේ ඒකෙවත් සර්වරයක් රන් කරලා තත්තගෙන්වත් ලියුමක් ඉල්ලගෙන යන මූට පලපුරුද්දක් තියෙනවා කියලා


මොකද කියන්නේ? වැඩේ හරි යයිද?

Saturday, August 15, 2009

ලනු දීම සහ බැනුම් ඇසීම

ගොඩක් කාලෙකට පස්සෙ මගේ බ්ලොග් එක පැත්තෙ ආවේ.මටම කම්මලියි මේකට එන්න.කිසිම අලුත් පෝස්ට් එකක්වත් නෑ.කරන්න කියල හිතාගෙන වැඩ නම් ගොඩාරියක් පටන් ගත්තා.එත් එකදිගට ආපු විභාග ටික නිසා කිසිම දෙයක් කරගන්න බැරි උනා.අලි මදිවට හරක් කියල ගෙදර අන්තර්ජාල සම්බන්දයත් කපල දාලා.ක්ලාස් එකෙදි පොඩ්ඩක් ඊමේල් එක අතපත ගානව විතරයි.කොහොම උනත් සියලු කරුණු කාරාණා එසේ සිදුවෙනකොට මම කරපු විභාගත් ගොඩ දාගෙන ඒහා සමානවම යාලුවන්ගෙනුත් බැනුම් ඇහුවා. මොකද කරල දෙනව කියල ගත්තු කිසිම දෙයක් කරලා තියා අතක් වත් තියලා තිබ්බෙ නැති නිසා.හැබයි දැන් නම් මම පොඩි නැවතීමක ඉන්නවා.කරනවයි කිව්ව පොරොන්දු ඉටු කරන එකට මූලිකත්වය දෙන්න ඕනේ.
සියලු සත්වයෝ සමාවෙත්වා.

Thursday, May 7, 2009

අන්තර්ජාල වෙසක් දන්සල


සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ප්‍රථම වරට පවත්වනු ලබන මහා වෙසක් දන්සල


ලෝකයේම පලමු වරට සංවිධානය කරනු ලබන අන්තර්ජාල වෙසක් දන්සල ශ්‍රි බුද්ධ වර්ශ 2553 වන වෙසක් පුන් පොහෝ දින සියලු ලෝකවාසී බෞද්ධ ජනතාව උදෙසා සැදැහ සිතින් විවෘත වන වගයි !

http://wesakdansala.blogspot.com/





Wednesday, March 11, 2009

මෙහෙව් රටේ අද්දියාපනය

කාලෙක ඉදල මේක ගැන ලියන්න හිතේ තිබ්බට ගතියක් ආවේ නෑ.ඔන්න අදනම් ලියනවමයි කියල හිතාගත්තා....
අපි ඉස්කෝලෙ යන්න පටන් ගන්නෙ වයස අවුරුදු 5දි. ඊට පස්සෙ 2වසරෙ ඉදන් ශිෂ්‍යත්ව පන්ති ගිහිල්ල මොනව මොනව හරි කොරල 5වසරෙ විභාගෙත් ලියනවා ( ලගදි ප්‍රවෘත්ති ඇහුවානම් දන්නවනෙ එකෙත් හැටි) ඉතින් කොහොම කොහොම හරි 10 වසරෙදි කෙල්ලෙකුත් දාගෙන 11දි අපි අ.පො.ස (
පොයි පොත් වලට ගිය ල්ලි ) සමාන්‍යය පෙල විභගෙත් සමත් කර ගත්තයි කියමුකො....
ඔන්න ජිවිතේ තේරෙන්න පටන් ගන්නවා...
අ.පො.ස සා.පෙ. කරල ඉවර වෙලා සමහරු හැලෙනවා. මතක් තියගන්න ඔනෙ මේ වෙනකොට ඒ ළමයගෙ වයස අවුරුදු 17යි (ප්‍රතිපල එනකොට )
වයස අවුරුදු 17දි කෙනෙක්ට මොනවද කරන්න පුලුවන් රැකියා? දුරකතන සමාගමක රැකියාවක් ගන්න පුලුවන් (කඩ්ඩ පොලිශ් නම් )නැතිනම් ඉතින් උපරිමය රැ.15000 වෙන රැකියවක් කරන්න පුලුවන්.. හැබැයි ඉහලට යන එක නම් බහුතරයකට කරන්න අමාරුයි.සමහරු රස්සා කරන්නෙ නැතිව සල්ලි ටිකක් වියදම් කරලා පරිගනක හරි වෙන මොකක් හරි පාඨමාලාවක් කරලා ඉහලට ඉහල මට්ටමක රැකියවකට මග පාද ගන්නවා.. ( බොහොම සුලුතරයක් තමයි මෙහෙම කරන්නේ )
අ.පො.ස උ.පෙල කරන අය ගැන හිතුවොත් ඒ කට්ටිය තමන් කැමති විශය මාලවකින් ( ලංකාවෙ ඉන්න අපිට තමන් කැමති එකක් නෙවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව කැමති ඒවා තමා කරන්න තියෙන්නේ) ඉගෙන ගන්නවා.බොහොම ලොකු කට්ටක් කාල ( සමහරු බූට් එකක් මොන රහද කියල දැනගන්නෙත් මේ කාලෙදිම තමයි ) විභගෙ කරලා පාස් උනා කියන්නකො.. ලංකාවෙ විශය මාලා හදපු සහ කාල නිර්ණය කරල සැලසුම් කොරාපු උදවියට පින්සිද්ද වෙන්න වයස අවුරුදු 20ක් වෙනකන් කොල්ලෙක්ටත් වෙල තියෙන්නෙ ගෙදරට වෙලා උඩ බලගෙන ඉන්න. ( මේ කතාව මෙහෙම උනාට රජයේ සේවකයන්ට නොමිලේ දෙන ගමන් පහසුකම් ලබාගන්න යනකොට නම් වයස 18ක් වෙන කොල්ලෙක්ට ඒ පහසුකම ගන්න බෑ. ඇයි ඒ? හික් හික්.....ඔච්චර ලොකු කොල්ලෙක්ට තමන් හම්බු කරගෙන ගමන් යන්න බෑරිය.මක්කටද නිකන් යන්න දෙන්නෙ නේද? )

ඒ කතා කොහොම උනත් අපි පටන් ගත්තු කතාව ඉවරයක් කරමුකො..
පළවෙනි වතවට උසස් පෙල කරල විශ්වවිද්‍යාලයට තේරුන ළමයා උසස් අධ්‍යාපනය හදාරන්න පටන් ගන්නකොට වයස තවත් මාස 6කින් විතර වැඩිවෙලා.. පලමු උපාධිය කරල ඉවර වෙනකොට වයස හරිනම් 25ක් වෙන්න ඔනෙ.
වර්ජන , ජන්දවැඩ , පොලිසියෙන් ගුටි කන එක , දින නියමයක් නැතිව සරසවිය වහල දාන එක ........
ඕවා ඉවර වෙලා උපධියත් අරන් ඉවර වෙනකොට වයසට තව අවුරුද්දක් විතර එකතු වෙනවා. ගෞරව උපාධියට තව වසරක් වැඩි වෙනවා.
සරසවියෙන් එලියට බහිනකොට අඩුම ගානෙ වයස 26යි.
දැන් ටිකක් හිතලා බලන්න පෞද්ගලික විභාග කරලා එන කට්ටිය සමහරු අවුරුදු 18 වෙනකොට තම්න්ගෙ පලමු උපධිය සම්පූර්ණ කරලත් ඉවරයි.. ( සා.පෙල කරල උපාධි කරන පුලුවන්නෙ දැන්)


මෙතන සාධාරණයක් තියෙනවද?
කාටද වඩිපුර රකියා අවස්ථා තියෙන්නෙ?
මෙතන සිදුවෙල තියෙන්නෙ මොකක්ද?
කව්ද මේවට පිලිතුරු දෙන්න ඔනෙ?

ඔබගේ අදහස් ඉතාමත් අගනේය ...........................................

Saturday, March 7, 2009

ජිවිතය Portable කිරීම


ඔයාලට හිතෙන්නෙ නැද්ද සමහර වෙලාවල් වල වෙන පරිගනක වල වැඩ කරනකොට තමන්ට ඔනෙ කරන මෘදුකාංග(software) නැති උනාම ඒක ගොඩක් කරදරයි කියලා?..
ඔන්න දැන් ඒකට විසදුමක් තියෙනවා.. ඔයාලට උවමනා කරන මෘදුකාංග ඔයාලගෙ සාක්කුවෙ දාගෙන යන්න දැන් අවස්ථාව තියෙනවා..බොහොම සරලයි.. පහසුයි...
දැන් එක ප්‍රශ්නයක් තියෙනවා..
හරි මම ඔනෙ කරන software එක CD එකක් හරි පෙන් එකක් ඇතුලෙ හරි දාගෙන ගියයි කියමුකො.. කොහොමද ඒක ස්ථාපනය (install) කරන්නෙ? මම වැඩ කරන්න යන පරිගනකයේ මට ඒ බලතල දීලා නැතිනම්?
විසදුම බොහොම සරලයි....
අපි ඒ පරිගනකයට කිසිම software එකක් ස්ථාපනය කරන්න යන්නෙ නෑ.ඒ වෙනුවට අපි කරන්නෙ මෙන්න මෙහෙම දෙයක්.. මෙකට අපිට උවමනා කරන්නෙ පෙන් එකක් හරි CD එකක් හරි විතරයි.. මම පහල දීල තියෙන software ටික ලබාගෙන(තවත් ගොඩක් ඒවා හොයාගන්න පුලුවන් පොඩ්ඩක් අන්තර්ජාලයේ හෙව්වොත්) ඒවා install කරගන්න ඔනෙ.ස්ථාපනය කරනකොට අහනවනෙ කොහෙටද ස්ථාපනය කරන්න ඔනෙ කියල.. ඒකට තමයි පල්ලෙහා තියෙන රූපය වැදගත් වෙන්නෙ.ඒකෙ පෙන්නල තියෙන Browse කියන එක click කරල පෙන් එක(flash drive,pen drive,external hard disk....) හරි නැත්නම් hard disk එකේ තැනක් හරි දෙන්න.. ඔයලට මෘදුකාංග ස්ථාපනය කරන්න බලයක්(admin powers) දීල නත්තම් ඒකට බය වෙන්න එපා.c එකේ Programe Files නතුව නිකන්ම c දෙන්න.. එතකොට install වෙනවා..




මොසිල්ලා අපිට හුරු පුරුදු වෙබ් පිරික්සනයක් නෙ(web browser)




මේ තියෙන්නෙ VLC ප්ලයෙර් එක. ඒක ගැන කවුරුත් දන්නවනෙ..සාමාන්‍යයෙන් අවශ්‍ය වන එකක්





ඉහත මම දුන්නු ඒවට අමතරව මෙන්න මෙ වෙබ් අඩවියට ගියොත් තවත් ගොඩක් දෙවල් ඔයාලට ගන්න පුලුවන්...
http://portableapps.com/


මෙම ලිපිය ගැන ඔයලට හිතෙන දේවල් කියනවනම් ඒක මට ලොකු සතුටක්.. ඒ වගෙම තමයි ඔයාලට මේවාට අමතරව තවත් වටින කියන දේවල් අන්තර්ජාලයේදි දැක්කොත් මෙහාට ගොඩ වැදිල අපිවත් දැනුවත් කරල යන්න කියල බොහොම ගෞරවයෙන් අරාධනය කරනවා...

Monday, February 2, 2009

‍හෙට ඉරක් පායයි

‍දෑස අදුරු කල
අදුරු පටල බිද
පායයි
අලුත් ඉරක්
අලුත් ලොවට

ජනේලයෙන් ගලා එයි
අරුණු රැස්

මිහිකත නිරුවත් කොට
සියල්ල පැහැදිලි කොට

දගලයි ගහ කොල
ඉපිලෙමින් නිදහ‍සේ ජිවයෙන්

සිහින දැක දැක ඉන්න
කාලයක් තවත් නැත
අවදි වෙන්....................


මහගම සේකර




ශ්‍රි ලංකාමාතාව සිය අභිමනවත් 61 වන නිදහස සැමරිමට තවත් දින කිහිපයයි...
ඉදින් අපට පායන අලුත් හිරු පෙබවාරි 4 ‍වෙනිදාට නැගේවි...
නිදහස වෙනුවෙන් සිහින දැක්ක කාලය ඉවරයි...

ධර්මෙ ..කාසිම් .. රාජසුන්දරම් වරෙල්ලා...

අපි අපි හැමෝගෙම අලුත් ලංකාව හදමු..
අපි හැමෝ‍ගෙම සිහින පරාඩදීසය අපි එකතුවෙලා ගොඩ නගමු...
අපි අතරෙ භේද නෑ...
අපි හැමෝම එක පවුලක් ..
එකම අරමුණකට දිවයන..
ඒ අරමුණ

අලුත් ශ්‍රිලංකාවක්...........................


Sunday, February 1, 2009

ආයුබෝවන්

this blog is converting to Sinhala.......................
if it is hard to read this plz get sinhala unicode here


.... ආයුබෝවන් .....

Wednesday, January 21, 2009

Funny Cats





Monday, January 19, 2009

මතකයේ රැදෙන ගී...........

_______________ Thuhi re (Film "Bombay")___________________






_______________ Endless Love (Film "MYTH")___________________



_______________ Vaseegara (Film "MINNALE")___________________



_______________Guzarish (Film "GAJINI)___________________





_______________Barso re (Film "GURU")___________________

... Funny Pictures ....

_Computer Cartoons_

_Computer Cartoons_










Wednesday, January 14, 2009

Download sinhala FIlm "MACHAN"

..................... Hey you can download MACHAN from here .......................................................