Thursday, May 20, 2010

තෙත්වූ ජීවිතය



අම්බානට වහිනවා
ටිකක් වැහැලා නතර කරනවා
තව චුට්ටක් වහිනවා
අව්ව පායනවා
හෝදපු ඇඳුම් වැලට දානවා
ආපහු වහින්න පටන් ගන්නවා
තමන්ටම බැන බැන ආපහු ගෙට ගන්නවා
වහලෙන් වතුර වැටෙනවා
හදපු බාස්ගෙ අම්මව සිහිකරනවා
තෙමෙන තැන් වලට බාල්දි තියන්වා
පොලවෙන් වතුර උනනවා
හදපු එකාට නොසෑහෙන්න පිං දෙනවා
පාරෙන් වතුර දානවා
නගර සභාවෙ සියල්ලන්ටම අම්බානකට පිං දෙනවා
ගෝනි දාල වතුර එලියට අදිනවා
හෙම්බිරිස්සාව හදාගන්නවා
පැත්තකට වෙලා බුදියගන්නවා

ඔන්න ආයෙත් වහිනවා............................

මුලු ජීවිතේම තෙත්වෙලා
මට නම් එපා වෙලා

Wednesday, April 28, 2010

ජර්මනියට ගිය අපේ ඔරිජිනල් හෑන්ඩ් බෝල් ටීම් එක ( ඔරිජිනල් "මචං" )

ජංජාලේ කරක් ගහනකොට මට නියමම දෙයක් හම්බුනා. කියන විදිහට නම් "මචං" කියන සිංහල චිත්‍රපටයට පාදක උනු සත්‍ය කතාවේ වීඩියෝ දර්ශන වගයක්. මේකෙ සත්‍ය අසත්‍යතාවය ගැන නම් මට කියන බැහැ.නමුත් ටිකක් විතර ඒක වෙන්නත් පුලුවන් කියල හිතෙනවා.බලලම තීරණය කරන්න.


පළමු කොටස




දෙවන කොටස




තෙවන කොටස




ඇස් ඇල් ටී (SLT) එකේ පොඩි රෙපෙයාර් එකක් නිසා මට නම් තාම ඔක්කොම වීඩියෝ ටික බලන්න බැරි උනා.ඒක නිසා තවම මම බැලුවෙත් නෑ.


පසුව ලියමි. (2010-04-29 / 7.31 a.m)
මචං පිලිබඳ වූ මෙම දර්ශන මට ප්‍රථම ලංකා අඩවියෙහිද පල කොට ඇත.එහි සබැඳුම පහත දක්වා ඇත.
http://w3lanka.blogspot.com/2010/02/blog-post_1437.html

Monday, February 8, 2010

ජංගිය පෙන්නන්න එපා

මාතෘකාව දැක්කම මොකද හිතෙන්නෙ? මොන කුනුහරුපයක්ද මේ කියල හිතෙනවා ඇති. ඒත් මම මේ කියන්න යන්නේ වර්ථමානයේ අපි හැමෝටම දකින්න ලැබෙන සුලබ නමුත් අප්‍රසන්න දසුනක් ගැනයි.

අද කාලයේ විලාසිතාවක්ව පවතින කලිසම බස්සා ඇඳීම නිසා විවිධාකාර නම් පටබැඳීම,කල්ලි නිර්මාණය වීම් ඔබ බොහෝවිට දැක ඇති.මෙහි අනෙක් තතු කෙසේ වෙතත් තියෙන හැම කලිසමක්ම බස්සා ඇඳීමට ගොස් සමහරු දැනුවත්ව හෝ නොදැනුවත්වම කරන්නේ තමන්ගේ යට කලිසම අනිත් සියල්ලන්ටම ප්‍රදර්ශනය කිරීමයි.මෙම ලිපිය ලිවීමට කලින් මා දුටු ආසන්නතම සිදුවීම පොඩ්ඩක් විස්තර කරන්න කැමතියි.මොකද සමහර විට ඒ ඔබ වෙන්නත් බැරි නෑ.....
දවසක් මම බස් එකේ යනකොට ඔය කියන විලාසිතාවට කලිසම ඇඳපු පිරිමි ලමයෙක් ඉස්සරහින් බහින්න ආවා.ඉතින් සෑහෙන්න තරමට උස නිසා එයා බහින තැන එනවද කියලා බලාගන්න ටිකක් ( ටිකක්ම නෙවේ සෑහෙන්න කියන්න පුලුවන් ) නැවිලා පාර දිහා බලගෙන ඉන්නවා.ඉතින් ඒ ඉස්සරහම සීට් එකේ හිටියෙ වයසක අච්චි අම්මා කෙනෙක්.ඔන්න ඉතින් අපේ අර උස අය්යගෙ යට කලිසම මුලු බසයටම ප්‍රදර්ශනය වෙනවා.අය්යගෙ වෙලාවට වැඩිය සෙනග හිට්යෙ නෑ.සීට් ගානටම වගේ හිටිය නිසා බස් එකේ පිටිපස්සටත් පෙනුනා.ඉස්සරහ හිටිය ටියුසොන් ගෑනු ලමයි ටිකට නම් හොඳටම හිනා.මාත් හිනාවෙනවද අඬනවද හිතාගන්න බරුව හිත හිතා හිටියෙ.ඉතින් අර ආච්චි අම්මට බලාගන්න අතක් නැතිව උඩ බිම බලලා පිටිපස්සට හැරිලා බිම බලාගෙන හිටියා.
ඔය අපේ පිරිමි පාර්සවේ ගැන කිව්වෙ.

අනෙත් කස්ටිය ගැනත් ඉතින් එසේමයි.ඒක මීට වඩා වැඩියි.මොකද අරපරෙස්සම හින්දා වැඩිය දිගට ඇඳුම් නොඅඳින අය කරන්නේ එම නිශ්පාදන ආයතන වලට(යට ඇඳුම්) ස්වෙච්චාවෙන්ම කරන ප්‍රචාරණයක්. ඒ වගේම තමයි මෝටර් බයිසිකල් වල බෝයි ප්‍රෙන්ඩ් මහත්තයාව බදාගෙන යන අක්කලාත් (ඇන්ටිලා) බස් වල රියදුරු මහත්වරුන්ගේ මොලය අවුල් කිරීම සම්බන්දයෙන් බොහොම ලොකු සේවාවක් කරනවා.ඒ වගේමයි ඇඳුම් වල සිප්, බොත්තම් එහෙම තියෙනවානම් ගෙදරින් එලියට බහින්න කලින් ඒවා නියමිත් විදිහට තද වෙලාද කියලත් බලන්න.


මම හිතන්නේ මේක ගැන හැමෝම ටිකක් දැනුවත් වෙලා අපේ අඳුමේ පිලිවෙල ගැන තව ටිකක් සැලකිලිමත් උනොත් තමන් අනිත් අයට විහිලුවක් වීම සහ අනවශ්‍ය ප්‍රශ්න ඇතිනොවීමට උපකාරී වේවි.

මම මේ කතාව මෙහෙම කියන්න හිතුවෙ ගොඩක් මේ වගේ නොසැලකිලිමත් කම නිසා කටයුතු කරන අහිංසක ගැහැණු උදවිය තුට්ටු දෙකේ කැමරා පෝන් කාරයන්ගේ ගොදුරක් වෙලා අන්තිමට අන්තර්ජාලයේ සමහර වෙබ් අඩවි වල ගණිකාවන් හැටියට හංවඩු ගැහීමේ අවදානමක් මෙතන තියෙන නිසා බවත් බවලත් උදවිය හොඳින්ම වටහා ගත්තොත් හොඳා.....

Tuesday, January 5, 2010

අඟහරු වල ඔබේ නමත් ලියා තියන්න....

ඔයාලා කවදාවත් හිතලා තියෙනවද තමන්ගේ නමත් අඟහරු මත ලියා තබන්නට පුලුවන් වේවි කියලා?ඔන්න දැන් ඒකට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මේ කියන්න යන්නේ නාසා අයතනය මගින් කරන අපූරු දෙයක් ගැනයි.




2011 වසරේදී අඟහරු බලා යන යානයක ගෙනියන මයික්‍රෝ චිපයක් තමා මේ දේ සඳහා ඔවුන් උපකාරී කරගන්නේ.ඔබට ඔබගේ නම, රට සහ සිටිනා ප්‍රදේශයේ සංකේත අංකය එහි ගබඩා කර තබන්නට නාසා ආයතනය ලොව පුරා ඉන්න හැමෝටම අවස්ථාව ලබා දීලා තියෙනවා.දැනට (මේ ලිපිය ලියන අවස්තාව වන විට ) ලොව පුරා පුද්ගලයින් 531718 දෙනෙක් සිය නම් එම චිපයේ සඳහන් කරලා තියෙනවා.මේ අතර ශ්‍රීලංකාව නියෝජනය කරමින් පුද්ගලයින් 830 දෙනෙක් සිය නම් ලබාදීලා තියෙනවා.ඒවගේම කියන්න ඕනෙ මේ සඳහා නම් ලබාදෙන අයට නාසා ආයතනය මගින් අලංකාර සහතිකපත්‍රයක් සිහිවටනයක් හැටියට ලබාදෙනවා.ඊ මාදිලියෙන් ලබාදෙන මෙම සිහිවටනය කැමතිනම් මුද්‍රණය කරගන්නටත් ඔබට අවස්තාව තියෙනවා.බොහොම විනෝදජනක මේ දේට කැමතිනම් ඔබත් සහභාගීවෙලා බලන්න.


මෙන්න ලිපිනය:
http://marsparticipate.jpl.nasa.gov/msl/participate/sendyourname/