![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitynXuGf9UXR-91v8uHtl1CXQxyxAtd21NVhJa8j5XL4XsEBwwLo0O4J7DXpfktsJ5IogIqBb66M6SOc30pzyoc94zVDyUGDeu-r2hLswSEC38nSpbbkzOBr8bqBnCxWVBJAmKjIWC87o/s320/heavy-rain.jpg)
අම්බානට වහිනවා
ටිකක් වැහැලා නතර කරනවා
තව චුට්ටක් වහිනවා
අව්ව පායනවා
හෝදපු ඇඳුම් වැලට දානවා
ආපහු වහින්න පටන් ගන්නවා
තමන්ටම බැන බැන ආපහු ගෙට ගන්නවා
වහලෙන් වතුර වැටෙනවා
හදපු බාස්ගෙ අම්මව සිහිකරනවා
තෙමෙන තැන් වලට බාල්දි තියන්වා
පොලවෙන් වතුර උනනවා
හදපු එකාට නොසෑහෙන්න පිං දෙනවා
පාරෙන් වතුර දානවා
නගර සභාවෙ සියල්ලන්ටම අම්බානකට පිං දෙනවා
ගෝනි දාල වතුර එලියට අදිනවා
හෙම්බිරිස්සාව හදාගන්නවා
පැත්තකට වෙලා බුදියගන්නවා
ඔන්න ආයෙත් වහිනවා............................
මුලු ජීවිතේම තෙත්වෙලා
මට නම් එපා වෙලා
3 comments:
අම්මෝ කියලා වැඩක් නැහැ මේ දවස් වල මගදිම නාගෙන යන්නේ. ගෙදර ගිහින් සබන් ගාන්න විතරයි තියෙන්නේ.
හරිසෝක් වැස්ස නේද???
@RanDil :
හැමදේම වෙන්නෙ හොඳටයි කියනව වගේ නාන්න යන වතුර බිල ඉතුරුයිනෙ අක්කෙ..
@indi :
හප්පේ හරිම සෝයි වැස්ස නම්.. මොකට කියනවද ඒ ගැන
Post a Comment