Saturday, March 7, 2009

ජිවිතය Portable කිරීම


ඔයාලට හිතෙන්නෙ නැද්ද සමහර වෙලාවල් වල වෙන පරිගනක වල වැඩ කරනකොට තමන්ට ඔනෙ කරන මෘදුකාංග(software) නැති උනාම ඒක ගොඩක් කරදරයි කියලා?..
ඔන්න දැන් ඒකට විසදුමක් තියෙනවා.. ඔයාලට උවමනා කරන මෘදුකාංග ඔයාලගෙ සාක්කුවෙ දාගෙන යන්න දැන් අවස්ථාව තියෙනවා..බොහොම සරලයි.. පහසුයි...
දැන් එක ප්‍රශ්නයක් තියෙනවා..
හරි මම ඔනෙ කරන software එක CD එකක් හරි පෙන් එකක් ඇතුලෙ හරි දාගෙන ගියයි කියමුකො.. කොහොමද ඒක ස්ථාපනය (install) කරන්නෙ? මම වැඩ කරන්න යන පරිගනකයේ මට ඒ බලතල දීලා නැතිනම්?
විසදුම බොහොම සරලයි....
අපි ඒ පරිගනකයට කිසිම software එකක් ස්ථාපනය කරන්න යන්නෙ නෑ.ඒ වෙනුවට අපි කරන්නෙ මෙන්න මෙහෙම දෙයක්.. මෙකට අපිට උවමනා කරන්නෙ පෙන් එකක් හරි CD එකක් හරි විතරයි.. මම පහල දීල තියෙන software ටික ලබාගෙන(තවත් ගොඩක් ඒවා හොයාගන්න පුලුවන් පොඩ්ඩක් අන්තර්ජාලයේ හෙව්වොත්) ඒවා install කරගන්න ඔනෙ.ස්ථාපනය කරනකොට අහනවනෙ කොහෙටද ස්ථාපනය කරන්න ඔනෙ කියල.. ඒකට තමයි පල්ලෙහා තියෙන රූපය වැදගත් වෙන්නෙ.ඒකෙ පෙන්නල තියෙන Browse කියන එක click කරල පෙන් එක(flash drive,pen drive,external hard disk....) හරි නැත්නම් hard disk එකේ තැනක් හරි දෙන්න.. ඔයලට මෘදුකාංග ස්ථාපනය කරන්න බලයක්(admin powers) දීල නත්තම් ඒකට බය වෙන්න එපා.c එකේ Programe Files නතුව නිකන්ම c දෙන්න.. එතකොට install වෙනවා..




මොසිල්ලා අපිට හුරු පුරුදු වෙබ් පිරික්සනයක් නෙ(web browser)




මේ තියෙන්නෙ VLC ප්ලයෙර් එක. ඒක ගැන කවුරුත් දන්නවනෙ..සාමාන්‍යයෙන් අවශ්‍ය වන එකක්





ඉහත මම දුන්නු ඒවට අමතරව මෙන්න මෙ වෙබ් අඩවියට ගියොත් තවත් ගොඩක් දෙවල් ඔයාලට ගන්න පුලුවන්...
http://portableapps.com/


මෙම ලිපිය ගැන ඔයලට හිතෙන දේවල් කියනවනම් ඒක මට ලොකු සතුටක්.. ඒ වගෙම තමයි ඔයාලට මේවාට අමතරව තවත් වටින කියන දේවල් අන්තර්ජාලයේදි දැක්කොත් මෙහාට ගොඩ වැදිල අපිවත් දැනුවත් කරල යන්න කියල බොහොම ගෞරවයෙන් අරාධනය කරනවා...

3 comments:

Thejan said...

අධ්‍යාපනය ගැන කියලා තියෙන post එක ගැන නම් කියන්න තියෙනනේ එ ගැන කතා කරලා වැඩක් තෑ කියලයි. හණමිටිකාර අදහස් තියෙන මෝඩ රැළක් අධ්‍යාපන ඇමතිකමුයි (UGC) එකේ ලොකු පුටුවලයි ඉන්න කම් මේ ක්‍රමය වෙනස් කරන්න බෑ. මේවට පත් වෙලා එන්නෙත් යල් පැනපු අධ්‍යාපන ක්‍රමයක් තියෙන අපේ විශ්වවිද්‍යාල වලින් එළියට බැහැපු එවුන්නේ. එකම දේ එක්කො මේකට මේ ලෝකේ උපාධියක් නැති නමුත් මේ පද්ධතිය සකස් වෙන්න ඕන කොහොමද කියලා විවෘත මනසකින් බලන්න පුලුවන් කෙනෙක් එන්න ඕන. නැත්නම් මේ ලෝකේ දියණු විශ්වවිද්‍යාල ගැන දන්න ඒවාට ගිහින් ඉගෙන ගත්තු මිනිහෙක් එන්න ඕන. එතකම් මේක හදන්න බෑ.

Thejan said...

මේ portable items ගැන තියෙන note එක නම් හුඟාක් useful. මම මේකෙන් ගත්ත links කීපයක් මගේ blog එකේ (www.lankanthoughts.blogspot.com) දැම්මට කමක් නෑ නේද? ඒකට අකමැති නම් කියන්න. ill remove it .
all da best.keep writing

sampath ගනේගොඩ said...

කිසිම ප්‍රශ්නයක් නැහැ ගන්න. පිලිතුර පමා උනාට සමාවෙන්න

Post a Comment