
මේ තොරතුර මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ඉතා වටිනා ධර්ම ග්රන්ථ රැසක් නොමිලේ භාගත කරගනීමට ඇති අවස්ථාවක් ගැනයි.
ප්රථමයෙන්ම මේ වෙබ් අඩවිය පිලිබඳ තොරතුර මා හට ලබාදුන් සමන් විතානගේ මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර මෙහි ඇති ඵලය වටහාගෙන මෙයින් ප්රයෝජන ගන්නා ලෙස නුවණැත්තන්ට ආරාධනය කර සිටිනවා.
ඕගාතරණ නමින් නම් කර ඇති මෙම වෙබ් අඩවියෙන් මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ඉතා වටිනා ධර්ම ග්රන්ථ රැසක් මෙන්ම සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, බුත්සරණ ආදී වටිනා පැරණි සිංහල ග්රන්ථ රාශියක්ද පාලි සිංහල ශබ්දකෝෂය, පංච මහා වාදය වැනි ග්රන්ථද නොමිලේ භාගත කරගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
එම වෙබ් අඩවිය නිර්මාණය කල සියලු දෙනාට අපගේ අනේක ස්තූතිය පිරිනැමිය යුතු අතර මෙම සත්කාර්යය තවදුරටත් කරගෙන යාමට සුභපතමු.

එම වෙබ් ලිපිනය : http://www.ogatharana.org/



