Wednesday, April 28, 2010

ජර්මනියට ගිය අපේ ඔරිජිනල් හෑන්ඩ් බෝල් ටීම් එක ( ඔරිජිනල් "මචං" )

ජංජාලේ කරක් ගහනකොට මට නියමම දෙයක් හම්බුනා. කියන විදිහට නම් "මචං" කියන සිංහල චිත්‍රපටයට පාදක උනු සත්‍ය කතාවේ වීඩියෝ දර්ශන වගයක්. මේකෙ සත්‍ය අසත්‍යතාවය ගැන නම් මට කියන බැහැ.නමුත් ටිකක් විතර ඒක වෙන්නත් පුලුවන් කියල හිතෙනවා.බලලම තීරණය කරන්න.


පළමු කොටස




දෙවන කොටස




තෙවන කොටස




ඇස් ඇල් ටී (SLT) එකේ පොඩි රෙපෙයාර් එකක් නිසා මට නම් තාම ඔක්කොම වීඩියෝ ටික බලන්න බැරි උනා.ඒක නිසා තවම මම බැලුවෙත් නෑ.


පසුව ලියමි. (2010-04-29 / 7.31 a.m)
මචං පිලිබඳ වූ මෙම දර්ශන මට ප්‍රථම ලංකා අඩවියෙහිද පල කොට ඇත.එහි සබැඳුම පහත දක්වා ඇත.
http://w3lanka.blogspot.com/2010/02/blog-post_1437.html

Monday, February 8, 2010

ජංගිය පෙන්නන්න එපා

මාතෘකාව දැක්කම මොකද හිතෙන්නෙ? මොන කුනුහරුපයක්ද මේ කියල හිතෙනවා ඇති. ඒත් මම මේ කියන්න යන්නේ වර්ථමානයේ අපි හැමෝටම දකින්න ලැබෙන සුලබ නමුත් අප්‍රසන්න දසුනක් ගැනයි.

අද කාලයේ විලාසිතාවක්ව පවතින කලිසම බස්සා ඇඳීම නිසා විවිධාකාර නම් පටබැඳීම,කල්ලි නිර්මාණය වීම් ඔබ බොහෝවිට දැක ඇති.මෙහි අනෙක් තතු කෙසේ වෙතත් තියෙන හැම කලිසමක්ම බස්සා ඇඳීමට ගොස් සමහරු දැනුවත්ව හෝ නොදැනුවත්වම කරන්නේ තමන්ගේ යට කලිසම අනිත් සියල්ලන්ටම ප්‍රදර්ශනය කිරීමයි.මෙම ලිපිය ලිවීමට කලින් මා දුටු ආසන්නතම සිදුවීම පොඩ්ඩක් විස්තර කරන්න කැමතියි.මොකද සමහර විට ඒ ඔබ වෙන්නත් බැරි නෑ.....
දවසක් මම බස් එකේ යනකොට ඔය කියන විලාසිතාවට කලිසම ඇඳපු පිරිමි ලමයෙක් ඉස්සරහින් බහින්න ආවා.ඉතින් සෑහෙන්න තරමට උස නිසා එයා බහින තැන එනවද කියලා බලාගන්න ටිකක් ( ටිකක්ම නෙවේ සෑහෙන්න කියන්න පුලුවන් ) නැවිලා පාර දිහා බලගෙන ඉන්නවා.ඉතින් ඒ ඉස්සරහම සීට් එකේ හිටියෙ වයසක අච්චි අම්මා කෙනෙක්.ඔන්න ඉතින් අපේ අර උස අය්යගෙ යට කලිසම මුලු බසයටම ප්‍රදර්ශනය වෙනවා.අය්යගෙ වෙලාවට වැඩිය සෙනග හිට්යෙ නෑ.සීට් ගානටම වගේ හිටිය නිසා බස් එකේ පිටිපස්සටත් පෙනුනා.ඉස්සරහ හිටිය ටියුසොන් ගෑනු ලමයි ටිකට නම් හොඳටම හිනා.මාත් හිනාවෙනවද අඬනවද හිතාගන්න බරුව හිත හිතා හිටියෙ.ඉතින් අර ආච්චි අම්මට බලාගන්න අතක් නැතිව උඩ බිම බලලා පිටිපස්සට හැරිලා බිම බලාගෙන හිටියා.
ඔය අපේ පිරිමි පාර්සවේ ගැන කිව්වෙ.

අනෙත් කස්ටිය ගැනත් ඉතින් එසේමයි.ඒක මීට වඩා වැඩියි.මොකද අරපරෙස්සම හින්දා වැඩිය දිගට ඇඳුම් නොඅඳින අය කරන්නේ එම නිශ්පාදන ආයතන වලට(යට ඇඳුම්) ස්වෙච්චාවෙන්ම කරන ප්‍රචාරණයක්. ඒ වගේම තමයි මෝටර් බයිසිකල් වල බෝයි ප්‍රෙන්ඩ් මහත්තයාව බදාගෙන යන අක්කලාත් (ඇන්ටිලා) බස් වල රියදුරු මහත්වරුන්ගේ මොලය අවුල් කිරීම සම්බන්දයෙන් බොහොම ලොකු සේවාවක් කරනවා.ඒ වගේමයි ඇඳුම් වල සිප්, බොත්තම් එහෙම තියෙනවානම් ගෙදරින් එලියට බහින්න කලින් ඒවා නියමිත් විදිහට තද වෙලාද කියලත් බලන්න.


මම හිතන්නේ මේක ගැන හැමෝම ටිකක් දැනුවත් වෙලා අපේ අඳුමේ පිලිවෙල ගැන තව ටිකක් සැලකිලිමත් උනොත් තමන් අනිත් අයට විහිලුවක් වීම සහ අනවශ්‍ය ප්‍රශ්න ඇතිනොවීමට උපකාරී වේවි.

මම මේ කතාව මෙහෙම කියන්න හිතුවෙ ගොඩක් මේ වගේ නොසැලකිලිමත් කම නිසා කටයුතු කරන අහිංසක ගැහැණු උදවිය තුට්ටු දෙකේ කැමරා පෝන් කාරයන්ගේ ගොදුරක් වෙලා අන්තිමට අන්තර්ජාලයේ සමහර වෙබ් අඩවි වල ගණිකාවන් හැටියට හංවඩු ගැහීමේ අවදානමක් මෙතන තියෙන නිසා බවත් බවලත් උදවිය හොඳින්ම වටහා ගත්තොත් හොඳා.....