Saturday, December 26, 2009

පස් වසරකට පෙර .. ඒ රුදුරු මතකය...

අද ඔබ බොහෝ දෙනෙක් ඉතාම සතුටින් ඉන්න දවසක්.හැමෝටම නිවාඩු තියෙනවා පවුලේ සියලුම දෙනා එකතුවෙලා සතුටුසාමිචි කතා කරමින්, සමහරු විනෝද චාරිකා යමින්, නෑදෑ ගෙවල් වල යමින් බොහොම විනෝදයෙන් ඉන්නවා.
මිතුරනි, ඔබට මතකද අදට වසර 5කට කලිනුත් මෙහෙම දවසක් තිබ්බා.එදත් හොදින් හිරු පායපු ලස්සන දවසක් ලෝකයාට උදා උනේ සියලු සිත් සතුටින් පුරවාලමින්.
ඒත් ඒ දවස ඒ විදිහටම නිමා උනේ නෑ...........

ඒ දවස නිමා උනේ
ලක්ෂ ගණනක අපේම නෑදෑ හිත මිතුරන් අපට අහිමි කරමින්...
ලක්ෂ ගණනක සහෘදයන්ගේ දෙනෙත් කඳුලින් පුරවාලමින්.....

අනපේක්ෂිතව ගොඩබිමට කඩා වැදුනු ඒ චන්ඩ සුනාමි රල ගෙඩි දහස් ගණනක් වූ අපේම හිත මිතුරන් මුහුදු පත්ලට ඇදගෙන ගියා..
තවත් බොහෝ ගණනක් වාහන තුලත්, තම තමන්ගේ නිවාස තුලත් ඉතාම ශෝකජනක ආකාරයට මෙලොවින් සමුගෙන හිටියා....

මුහුදු රල පසුපසට ගිය විට ඒ වෙරලෙහි කෙලිදෙලින් විනෝද වූ ඒ අපේම පොඩිත්තන්...
නව වසරක ආරම්භයත් එක්ක නව දිවියක සිහින මාලිගා තැනූ පෙම්වතුන්.....
දරු මුනුපුරන්ගේ සතුට දකිමින් ප්‍රමෝදයෙන් සිටි ඒ වැඩිහියන්......

කවදාවත්ම සිතා නොසිටිනට ඇති ඒ මුහුදු රල නැවතත් අප සොයා එන්නේ අපව මුහුදු පත්ලට රැගෙන යන්නට බව..



ශ්‍රී ලාංකික අපගේ හදවත් උණු වුනා.දහස් ගණනක් වූ අසරණ අනාථ අපේම හිතමිතුරන්ට අධාර එක් රැස් කෙරුනා.මුලු රටම එකම පවුලක් ලෙසට අත්වැල් බැඳගත්තා.
ඒ අපි අපේ මනුස්සකම, අපේකම පෙන්වූ ආකාරයයි......

තවත් පිරිසක් ඒ අතරම හිටියා....
මවුකිරේ රසය නොහඳුනන, මනුෂ්‍ය වර්ගයාට ජාතක නොවුනු ඒ අධම රැල.. ජීවිතය ඉල්ලා අත දිගු කරන ඒ අසරණයන්ගේ මුදුව පැහරගත්තා.. චණ්ඩ රල පහරට ගසාගෙන යන ඔවුන්ගේ මාලය කඩා නැවතත් ඒ බියකරු දිය කඳට තල්ලු කලා...
පෙර වාසනාවකට දිවි ගලවාගත් නමුත් ඇඳිවත හැර අන්සියලුදේ අහිමි වූ ඒ අසරණියන්ගේ රීරිමාංසයමත් උදුරා ගන්නට දත කෑවා.බෝධිසත්වයන් මෙන් පෙනී සිටි ඒ අය්යලා ඒ නංගිලා ගැහැණුන් කර පලාගියා... සමහරුන්ව අඩුම ලංසුවකට වෙන්දේසි පොලවලට යැවුනා...
ඒ තවත් ලාංකිකයන්ම පිරිසක්.....

ඒ තුච්ච අධම මිනිසුන්ට කවදා හෝ දැනේවි ඔවුන් කල පාපය....
සිතින් දහස්වර දුක් විඳීවි ඔවුන්..
ඔබලා සැමදා පරාජිතයන් බව වටහා ගන්න...
ඔබ වෙනුවෙන් මේ ලොවතුල තවත් ඉඩ නොමැත....

මිතුරනේ,
මිනිසත්කමත් නොමිනිස්කමත් එක්ව අත්දුටු ඒ බියකරු මතකයන් තවත් නොවන්නට අපට කල හැක්කේ කුමක්ද?....
පිලිතුර ඔබේ හදවතට නැගේවි....


එදා තම දිවි හිමියෙන් ජීවිත් බේරාගන්නට වෙහෙස වූ ඔබ මේ මෙය දකියි නම් ....
උතුම් මිනිසුනේ ඔබටයි මේ උපහාරය !

ඒ සුනාමි ව්‍යසනයට පස් වසරක් පිරෙන අද දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා වූ කාලය තුල නිශ්ශබ්දතාවයක් පවත්වා ඒ විපතට පත් වූවන් සිහි කරමු...

Friday, December 25, 2009

සුභ නත්තලක් වේවා !!!!..

සුභ නත්තලක් වේවා සියළු කතෝලික සහ ක්‍රිස්තියානි මිතුරන්ට...
ඔබලා අදහන ධර්මයේ ආකාරයට සියළු දෙනාටම යහපතක්ම වේවා.
සැමට යහපත්, වාසනාවන්ත, සාමකාමී නත්තලකට සුභපැතුම්!!.......